අලුත උපන් බබෙකුට තොප්පියක් ගොතමු

අලුත උපන් බබෙකුට තොප්පියක්  ගොතමු



  • දම්වැල් 3 ක් ගොතන්න. පළමු දම්වැලට  සම්බන්ධ කර රවුම්ක් සාදාගන්න.
1 . වටය
රවුම තුලට බාග තුන්පට පිරවිලි 8 පුරව ගන්න රවුම සම්බන්ද කර ගන්න.

2 .වටය
දම්වැල් 2 ගොතන්න.. ‍1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 2 ගානේ 16 පුරවගන්න.

3 .වටය
දම්වැල් 2 ගොතන්න ..පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න..දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න..


4 .වටය
දම්වැල් 2 ගොතන්න ..පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...  3 දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න
  මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න..


5. වටය
දම්වැල් 2 ගොතන්න ..පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...  3 දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න...
මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න..

පිරවිලි වැඩිකිරීම් කර අවසානයි දැන් 

6. වටය
දම්වැල් 2 ගොතන්න.. එක දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 ගානේ වටෙම පුරවගන්න

මේ විදියට වට 10 පුරවගන්න...

Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු