Posts

Showing posts from 2018
https://youtu.be/AVftK2Jsr90

ළදරු මේස් ජොඩුවක් ගොතමු Part 3 - Crochet Baby Sock Sinhala

Image

ළදරු මේස් ජොඩුවක් ගොතමු Part 2 - Crochet Baby Sock Sinhala

Image

ළදරු මේස් ජොඩුවක් ගොතමු Part 1 - Crochet Baby Sock Sinhala

Image

1 1/2 - 3 අවුරුදු දරුවෙකුට තොප්පියක් ගොතමු - Crochet Baby Hat For 1 1/...

Image

මාස 10 - අවුරුදු 1 1/2 දරුවෙකුට තොප්පියක් ගොතමු - Crochet Baby Hat For ...

Image

8 - 9 මාස ළදරුවෙකුට තොප්පියක් ගොතමු - Crochet Baby Hat For 8 - 9 Month ...

Image

4 - 6 මාස ළදරුවෙකුට තොප්පියක් ගොතමු - 4 -6 Month Baby Crochet Hat Sinhala

Image

2 - 4 මාස ළදරුවෙකුට තොප්පියක් ගොතමු - 2 - 4 Month Crochet Baby Hat Sinhala

Image

පුංචි මලක් ගොතාමු - Crochet Mini Flower Sinhala

Image

දුවෙකුට සපත්තුවක් ගොතමු (1) Part 2 - Crochet Baby Girl Shoe Sinhala

Image

දුවෙකුට සපත්තුවක් ගොතමු (1) Part 1 - Crochet Baby Girl Shoe Sinhala

Image

ළදරු ගවුමක් ගොතමු (1) Part 2 - How To Crochet Baby Girl Dress Sinhala

Image

ළදරු ගවුමක් ගොතමු (1) Part 1 - How To Crochet Baby Girl Dress Sinhala

Image

තොප්පියක් ගොතමු (3) Part 2 - Crochet Sun Hat All size Sinhala

Image

තොප්පියක් ගොතමු (3) Part 1 - Crochet Sun Hat All size Sinhala

Image

තොප්පියක් ගොතමු (2) Part 2 - Crochet Sun Hat Sinhala

Image

තොප්පියක් ගොතමු (2) Part 1 - Crochet Sun Hat Sinhala

Image

වැලන්ටයින් ටෙඩි බෙයා Part 5

Image
වැලන්ටයින් ටෙඩි බෙයා Crochet Valentine Teddy Bear   Part 5 ටෙඩ් බෙයාගේ අත කොටස ගොතා ගන්නේ කොහොමද බලමු.. 1) . Magic Ring එකකින් පටන් අරගෙන එයට දෙපට පිරවිලි 6ක් පුරව ගන්න. 2) . එකකට දෙක ගානේ දෙපට පිරවිලි  12ක් පුරවගන්න . 3) . දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතගන්න.ඊලග දම්වැලට දෙපට පිරවිලි 2ක් පුරවගන්න..මේ රටාවට වටයම ගොතාගන්න. 4) . දෙපට පිරවිලි එකකට එක ගානේ එක වටයක් ගොතා ගන්න. 5) . දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතාගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට වටය සම්පුර්ණ කරගන්න.. 6) . දෙපට පිරවිලි එකකට එක ගානේ වටයක් ගොතා ගන්න. 7) . දෙපට පිරවිලි එකකට එක ගානේ 4ක් ගොතා ගන්න..දෙපට පිරවිලි 2ක් එකට ර්කතු කරන්න..වටයම මේ රටාවට ගොතා ගන්න.. 8 - 16 ) .දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න වට 9ක් පැඩිං පුරව ගන්න..

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Part 4.

Image
වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු  Crochet Valentain TeddyBear  part 4. 6) .දෙපට පිරවිලි back loop එකෙන් වටයක් ගොතා ගත්තාට පස්සේ ආපසු දෙපට පිරවිලි වටයක් ගොතා ගන්න ..(back loop එකෙන් නෙවෙයි loop දෙකම අල්ලලා ගොතා ගන්න) 7) .දෙපට පිරවිලි එකකට එක ගානේ 11 ගොතාගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට වටයම ගොතා ගන්න. 8) . දෙපට පිරවිලි එකකට එක ගානේ 4ක් ගොතාගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..වටයම සම්පුර්ණ කරගන්න මේ රටාවට 9) . දෙපට පිරවිලි එකකට් එක ගානේ වටයක් ගොතා ගන්න. 10) . දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතා ගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ වටයේ රටාව 11) . දෙපට පිරවිලි එකකට එක ගානේ 6ක් ගොතා ගන්න දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය සම්පුර්ණ කර ගන්න. 12 - 19 ) .දෙපට පිරවිලි එකකට එක ගානේ වට 9ක් ගොතාගන්න.. 17 වෙනි පේලිය ලගට වෙනකන් පැඩිං පුරව ගන්න.. ඉන්පසු ගොතා ගත් කකුලේ කොටස් දෙකම අල්ලා දෙපට පිරවිලි පේලි 2ක් ගොතා ගන්න...

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Part 3

Image
වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Crochet Valentain TeddyBear  Part 3 අපි බලමු මේ ටෙඩ් බෙයාගේ කකුල කොටස ගොතා ගන්නේ කොහොමද කියලා. 1). Magic Ring එකක් හදා ගන්න.එකට දෙපට පිරවිලි 6ක්න්පුරව ගන්න. 2) .එකකට 2 ගානේ දෙපට පිරවිලි 12ක් පුරවගන්න . 3) . දෙපට පිරවිලි 1,දෙපට පිරවිලි 1,දෙපට පිරවිලි 1, ඊලග දෙපට පිරවිලි 3ක් එකම දම්වැලට පුරව ගන්න , ඊලගට දෙපට පිරවිලි  2ක් එකම දම්වැලට පුරව ගන්න , slip stitch 1 , slip stitch 1 , ඊලග දම්වැලට දෙපට පිරවිලි  2යි , ඊලග දම්වැලට දෙපට පිරවිලි 3යි , ඊලග දම්වැල් 3ට දෙපට පිරවිලි එකකට එක ගානේ 3යි... 4) . දෙපට පිරවිලි 1 , බාගතුන්පට පිරවිලි 1, එම බාගතුන්පට පිරවිල්ලේ මුදුනට දෙපට පිරවිලි එකකුත් බාගතුන්පට පිරවිල්ල පටන් ගත් ස්ථානයට දෙපට පිරවිල්ලකුත් ගොතන්න..ඊලගට දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතන්න..ඊලග දම්වැලට දෙපට පිරවිලි 2ක් ගොතා ගන්න..ඊලග දම්වැල් 2ට බාගතුන්පට පිරවිලි එකකට දෙක ගානේ දම්වැල් 2ට පුරව ගන්න..slip stitch 1යි , slip stitch 1යි , දෙපට පිරවිලි 1යි , ඊලග දම්වැල් 2ට බාගතුන්පට පිරවිලි එකකට දෙක ගානේ දම්වැල් 2ට පුරව ගන්න , ඊලග දම්වැලට දෙපට පිරවිලි 2යි , ඊලග

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Part 2

Image
වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Crochet Valentain Teddy Bear Part 2 දැන් අපි බලමු ටෙඩි බෙයාගේ ඇග කොටස ගොතා ගන්නේ කොහොමද කියලා.. (24 - 28 ).  පේළි 5ක් දෙපට පිරවිලි එකකට එක ගානේ පුරව ගනිමින් වට 5ක් ගොතා ගන්න. 29) . දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි  1 , දෙපට පිරවිලි 1  , දෙපට පිරවිලි 2යි..මේ රටාවට මේ වටය සම්පුර්ණ කරගන්න. 30) . දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 2..මේ රටාවට මේ වටය සම්පුර්ණ කර ගන්න.. 31 - 35 ) . දෙපට පිරවිලි එකකට එක ගානේ පුරවගන්න වට 5ක්. 36) . දෙපට පිරවිලි එකකට එක ගානේ පිරවිලි 5ක් ගොතා ගන්න..ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය ගොතා ගන්න. 37) . දෙපට පිරවිලි එකකට එක ගානේ පිරවිලි 4ක් ගොතා ගන්න.ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය ගොතා ගන්න.. 38 ) .දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතා ගන්න..ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ විදියට මේ වටය ගොතා ගන්න. 39 ). දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය ගොතා ගන්න.. දැන් පැඩිං පුරවා ගන

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු - part 1

Image
වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Crochet Valentain Teddy Bear Part 1 1). Magic ring එකට දෙපට පිරවිලි 6ක් පුරව ගන්න. 2). එකකට 2ගනේ දෙපට පිරවිලි පුරවගන්න.පිරවිලි ගනන 12යි. 3). දෙපට පිරවිලි 1යි .දෙපට පිරවිලි 2යි.මේ රටාවට වටයම පුරව ගන්න.පිරවිලි ගණන 18 4). දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..මේ රටාවට වටයම පුරවගන්න.පිරවිලි ගණන 24යි 5). දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..පිරවිලි ගණන 30 6). දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..මේ වටයේ සම්පූර්ණ පිරවිලි ගණන 36 7) . දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..සම්පුර්ණ පිරවිලි ගණන 42 8) . එකකට එක ගානේ දෙපට පිරවිලි 13 පුරව ගන්න..ඉලග පිරවිල්ලට දෙපට පිරවිලි 2ක් පුරවගන්න..මේ රටාවට මේ වටය පුරවගන්න..පිරවිලි ගනන 45 9 - 16 ) . දෙපට පිරවිලි වට 8 ක් ගොතා ගන්න.. 17) . දෙපට පිරවිලි එකකට එක ගානේ 13ක් ගොතා ගන්න.ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට වටයම ගොතා ගන්න පිරවිලි ගණන 4

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු part 2/2

Image
ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු -  Crochet jersey Pant Sinhala part 2/2   දම්වැල් 3 ගොතා කකුල ගෙතිම සදහා තුන්පට පිරවිලි 32ක් ගොතා ගන්න. පිරවිලි 32ක් ගොතා මුලින් පටන් ගත් දම්වැල් 3ට සම්බන්ද කරගන්න. මේ ව්දියට තුන්පට පිරවිලි 32 ගානේ වට 7ක් ගොතා ගන්න. කකුලේ අවසානය ගොතා ගැනිමට දම්වැල් 3ක් ගොතා ගන්න. 1 වටය දෙපට පිරවිලි 2ක් එකට එකතු කර ගන්න.ඊලගට දෙපට පිරවිල්ලක් පුරව ගන්න. මේ විදියට එක වටයක් ගොතා ගන්න. 2 වටය 1 දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි වටෙටම පුරව ගන්න. 3 වටය 1 දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි වටෙටම පුරව ගන්න. මේ විදියට දෙවෙනි කකුලත් ගොතා ගන්න.

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

Image
ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු.  Crochet Baby Pant Sinhala  Part 1/2 පලමුව ඉන කොටස ගොතා ගැනිම සදහා දම්වැල් 10ක් ගොතා ගන්න. දෙවෙනි දම්වැලෙන් පටන් අරගෙන දෙපට පිරවිලි 9ක් පුරවගන්න. දම්වැලක් ගොතා අනික් පැත්ත හරව ගන්න. ආපසු  දෙපට පිරවිලි 9ක් Back Loop එකෙන් පමනක් ගොතා ගන්න. මේ විදියට පේලි 64ක් ගොතා ගන්න කලිසමේ ඉන සදහා... පේලි 64ක් ගෙතු පසු කෙලවර 2 එකට එකතු කරන්න Slip Stich මගින්.. 1 වටය දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි 64ක්  ගොතා ගන්න. 2 වටය දම්වැල් 3න් පටන් ගන්න.තුන්පට පිරවිලි 63ක් ගොතා ගන්න...දම්වැල් 3 එක පිරවිල්ලක් ලෙස ගනන් ගන්න...ඔක්කොම පිරවිලි 64යි. 3 වටය - 9 වටය දම්වැල් 3 පටන් අරගෙන තුන්පට පිරවිලි පුරව ගන්න 2 වටය ගෙතු ලෙසටම මෙ වට 9ත් පුරවගන්න..

ළදරු ජර්සියක් ගොතමු PART 4/4

Image
ළදරු ජර්සියක් ගොතමු  Crochet Baby Jeresy Sinhala  Part 4/4 අපි අද බලමු මේ ළදරු ජර්සියේ අවසානය කර ගන්නේ කොහොමද කියලා. 1 වටය ජර්සියේ Open එකෙදි අපට පිරවිලි වර්ග දෙවර්ගයක් හමු වෙනවා.. තුන්පට පිරවිලි වගෙම දම්වැල් 3 නේ පිරවිල්ලත් හමු වෙනවා.. තුන්පට පිරවිල්ලට දෙපට පිරවිලි 2ත් දම්වැල් 3ට දෙපට පිරවිලි 3ත් පුරවමින් උඩට වෙනකන් දෙපට පිරවිලි පුරවගන්න. කොනට දෙපට පිරවිලි 2ක් පුරවගන්න.ආපසු කර සහ ජර්සිය වටෙටම දෙපට පිරවිලි පුරවගන්න. කොන් 4ට පමනක් දෙපට පිරවිලි 2ක් ගොතා කොන හැඩ කර ගන්න. 2 වටය මේ වටයෙත් දෙපට පිරවිලි වලින් පුරව ගන්න බොත්තම් කාස වෙන් කර ගන්න. 3 වටය බොත්තම් කාස වෙන් කරගත් හිඩසට දෙපට පිරවිලි පුරවමින් වටෙම දෙපට පිරවිලි පුරව ගන්න... දැන් ඔබ කැමති විදියකට ඔබගේ ජර්සිය හැඩ කරගන්න පුලුවන්

ළදරු ජර්සියක් ගොතමු PART 3/4

Image
ළදරු ජර්සියක් ගොතමු  Crochet Baby Jersey  Part 3/4 අපි දැන් බලමු ජර්සියේ අතේ අවසානය කරගන්නේ කොහොමද කියලා. 1 වටය දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි වටෙටම ගොතාගන්න. 2 වටය 1 දම්වැලක් ගොතලා පටන් ගන්න. දෙපට පිරවිලි 3 ගොතන්න. ඉලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න. මේ රටාවට අවසානය තෙක් ගොතා ගන්න. 3 වටය 1 දම්වැලක් ගොතලා පටන් ගන්න. දෙපට පිරවිලි 2ක් ගොතන්න. ඉලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න. මේ රටාවට අවසානය තෙක් ගොතා ගන්න. ඔබට අවශය නම් පමනක් 3 වටය වගේ තව වටයක් ගොතා ගන්න.

ළදරු ජර්සියක් ගොතමු PART 2/4

Image
ළදරු ජර්සියක් ගොතමු  Crochet Baby Jersey  Part 2/4 දැන් අපි අත කොටසේ වට දෙකක් ගොතා ගත්‍තා. දැන් අපි බලමු 3 වටය ගොතා ගන්නේ කොහොමද කියලා.. 3 වටය Fan Stich එක කරා Slip Stich එකකින් යන්න දම්වැල් 3ක් ගොතන්න .තුන්පට පිරවිලි 1 , දම්වැල් 1යි  ,තුන්පට පිරවිලි 2යි..අපි දැන් 1 Fan Satich එක ගොතා ගත්තා .ඉලගට පිරවිලි 2 මග අරින්න.3 වෙනි පිරවිල්ලට.. තුන්පට පිරවිලි 2යි එක දම්වැලයි තුන්පට පිරවිලි 2යි... මේ විදියට Fan Stich 9ක් ගොතාගන්න.. වටය සම්බන්ද කරලා අනික් පැත්ත හරවගන්න .. 4 වටය Fan stich එක කරා Slip stich එකකින් යන්න. දම්වැල් 3ක් ගොතන්න තුන්පට පිරවිලි 1යි එක් දම්වැලයි තුන්පට පිරවිලි 2යි..එක Fan Stich එකක් අපි ගොතා ගත්‍තා. පිරවිලි 2 මග අරින්න..දෙවෙනි Fan Stich එක ගොතා ගන්න.. තුන්පට පිරවිලි 2 ,දම්වැල් 1 ,තුන්පට පිරවිලි 2යි ,..මේ විදියට Fan Stich 8ක් ගොතා ගන්න... Fan Stich 8k ගොතා ගත්තට පස්සේ අපිට තව 1 Fan Stich එකක් ඉතුරු වෙනවා අපි එ Fan Stich එකට තුන්පට පිරවිලි 1ක් පුරවගෙන වටය සම්බන්ද කර ගන්නවා. අනික් පැත්ත හරවගන්න . 5 වටය Slip Stich එකකින් Fan Stich එකේ මුදුන කරා යන්න..

ළදරු ජර්සියක් ගොතමු PART 2/4

Image
ළදරු ජර්සියක් ගොතමු  Crochet Baby Jersey  Part 2/4 ජර්සියේ අත් දෙක ගොතා ගන්න විදිය බලමු.. ජරසියේ අත්කට වෙන් කරගත් අවස්තාවේ අපි දම්වැල් 3ක් ගොතා ගත්තා අන්න එ දම්වැල් 3 නුල සම්බන්ද කරලා අත් වට ගෙතිම ආරම්භ කිරිම සදහා දම්වැල් 3ක් ගොතන්න තුන්න්පට පිරවිලි 1 ගොතන්න දම්වැලක් ගොතන්න ආපසු තුන්පට පිරවිලි 2ක් ගොතන්න .අපි එක Fan Stich එකක් ගොතා ගත්තා. පිරවිලි 2ක් මග අරින්න.. ආපසු Fan Stich එකක් ගොතන්න. මේ විදියට පිරවිලි දෙකක් මග අරිමින් Fan Stich 10ක් ගොතා ගන්න. 1 වටය අවසානයි.. අනික් පැත්ත හරවගන්න . අපි දැන් කලින් ගෙතුව Fan Stich එකෙ මුදුන කරා යන්න ඔන Slip Stich එකකින්..Vedio එකේන් ඔයාලට පැහැදිලි වෙයි.. අපි දෙවෙනි වටයේ Fan Stich එක පටන් ගන්නේ එතනදියි... දම්වැල් 2 ගොතන්න .තුන්පට පිරවිලි 1 , දම්වැලක් ගොතන්න , ආපසු තුන්පට පිරවිලි 2යි... දෙවෙනි Fan Stich එක තුන්පට පිරවිලි 2යි , එක දම්ලයි ,තුන්පට පිරවිලි 2යි... මේ විදියට අපි Fan Stich 9ක් ගොතා ගන්න ඕන..අපි Fan Stich 9ක් ගොතා ගත්තට පස්සේ අපිට තව එක Fan Stich එකක් තියෙනවා පුරව ගන්න..අපි එකට Fan Stich එකක් පුරව ගන්නේ නෑ...අපි එකට තු

ළදරු ජර්සියක් ගොතමු PART 2/4

Image
ළදරු ජර්සියක් ගොතමු  Crochet Baby Jersey Sinhala  Part 2/4 අත් දෙක වෙන් කරගත් පෙලියේ අවසානය තෙක් ගොතා දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න. පලවෙනි දම්වැල මග හැර දෙවෙනි දම්වැලට Fan Stich (තුන්පට පිරවිලි 2 යි දම්වැලක් තුන්පට පිරවිලි 2 යි) එකක් පුරව ගන්න... ඉලගට දම්වැල් 2ක් මග හැර 3 වෙනි දම්වැලට Fan Stich එකක් පුරව ගන්න.. ආපසු දම්වැල් 2ක් මග හැර 3 වෙනි දම්වැලට Fan Stich එකක් පුරව ගන්න .. මේ විදියට මේ පෙලිය අවසානය වෙනකන් Fan Stich පුරව ගන්න.. අවසානයේ උඩ පෙලියේ පටන් ගැන්මේදි ගෙතු දම්වැල් 3 නේ 3 වෙනි දම්වැලට තුන්පට පිරවිල්ලක් පුරවා පලමු වටය අවසන් කරන්න.. මේ වටයට Fan Stich 21 තියෙන්න ඕන...ඔයාලා හරියටම ගෙතුවා නම් මේ පෙලියට Fan 21 තියෙනවා.. දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න ..මේ පේලිය ගෙතුවා වගේම තව පේලි 12ක් ගොතා ගන්න ඕන කද කොටස සදහා...

FAN STICH හැදින්වීම

Image
ළදරු ජර්සියක් ගොතමු. Crochet Baby Jersey Sinhala  Part 2/4 අපි දැන් කද කොටස ගොතාගමු.. එ සදහා අපි අලුත් ගෙතුම් ක්‍රමයක් යොදා ගන්නවා..අලංකාර ගෙතුම් ක්‍රමයක්..මෙම ගෙතුම් ක්‍රමයේ නම Fan Stich..අවානක හැඩයක් ගන්න නිසා මෙයට Fan Stich කියනවා වෙන්න පුලුවන්..දැන් අපි බලමු මේ ෆැන් ස්ටිච් එක ගොතා ගන්නේ කොහොමද කියලා.. Fan Stich එකෙදි අපි පිරවිලි පුරවන්නේ එකම දම්වැලට එවිට තමා අපිට එ හැඩය ගන්න පුලුවන්... තුන්පට පිරවිලි 2 ගොතා 1 දම්වැලක් ගොතා නැවත තුන්පට පිරවිලි 2ක් පිරවිමෙන් අපිට Fan Stich එක ගොතා ගන්න පුලුවන්..එකම දම්වැලට තමා මෙ පිරවිලි කර ගන්නේ...දැන් අපි බලමු මේ පිරවිල්ලෙන් කොහොමද අපේ ජර්සියේ කද කොටස ගොතා ගන්නේ කියලා.

ළදරු ජර්සියක් ගොතමු Part 2

Image
ළදරු ජර්සියක් ගොතමු  Crochet Baby Jersey Sinhala  Part 2/4 අ පි දැන් බලමු අත් දෙක වෙන් කරගන්නේ කොහොමද කියලා.. දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න . තුන්පට පිරවිලි 14ක් ගොතා ගන්න..(ආරම්භයේ ගෙතු දම්වැල් 3 එක් පිරවිල්ලක් ලෙස ගන්න .)දැන් දම්වැල් 3ක් ගොතා ගන්න..පිරවිලි 24 මග හැර 25 වෙනි පිරවිල්ලට මෙම දම්වැල් 3 තුන්පට පිරවිල්ලකින් සම්බන්ද කර ගන්න. එම පිරවිල්ලත් ගනන් කොට ඉදිරියට තව තුන්පට පිරවිලි 31 පුරවගන්න..(ඔක්කොම තුන්පට පිරවිලි 32 යි) දෙවෙනි අත වෙන් කර ගැනිම සදහා නැවතත් දම්වැල් 3ක් ගොතා පිරවිලි 24ක් මග හැර 25 පිරවිල්ලට මෙම දම්වැල් 3 තුන්පට පිරවිල්ලකින් සම්බන්ද කර ගන්න. එම පිරවිල්ලත් සමග අවසානය තෙක් තුන්පට පිරවිලි 14ක් පුරවගන්න..(ඔක්කොම පිරවිලි 15 යි ).. අත් දෙක වෙන් කරගෙන ඉවරයි.දැන් අපි බලමු කද කොටස කර ගන්නෙ කොහොමද කියලා

ළදරු ජර්සියක් ගොතමු PART 1

Image
ළදරු ජර්සියක් ගොතමු  Crochrt Baby Jersey Sinhala  Part 1/4 ළදරු ජර්සියේ කර කොටස ගෙතිමේදි වට 7ක් ගොතා ගත යුතුයි.. එම රටාව එකින් එක වැඩි කරමින් ගොතා ගත යුතුයි. එහිදි හරියට නිවැරදිව මෙම රටාව පිරවිලි කරගත යුතුයි..එසේ නැති උවහොත් ජ්ර්සිය ඇද වී නියමිත හැඩයට ලස්සනට එන්නේ නැති වෙන්න පුලුවන්.. 1 වටය පිරවිලි ගණන 44 2 වටය පිරවිලි ගණන 55 3 වටය පිරවිලි ගණන 66 4 වටය පිරවිලි ගණන 77 5 වටය පිරවිලි ගණන 88 6 වටය පිරවිලි ගණන 99 7 වටය පිරවිලි ගණන 110 මේ විදියට ගනන් කරමින් වට 7 ගොතා ගන්න.

ළදරු ජර්සියක් ගොතමු PART 1

Image
ළදරු ජර්සියක් ගොතමු. Crochet Baby Jersy  Part 1/4 5 වටය දම්වැල් 3 ගොතා අනික් පැත්ත හරවගන්න . තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි...(පලමුව ගෙතු දම්වැල් 3 එක පිරවිල්ලක් ලෙස ගැනේ..එවිට පිරවිලි 6 යි ) ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 ,තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි..මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න.. 6 වටය දම්වැල් 3 ගොතා අනික් පැත්ත හරවගන්න . තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 ,තුන්පට පිරවිලි 1  , තුන්පට පිරවිලි 2 යි...(පලමුව ගෙතු දම්වැල් 3 එක පිරවිල්ලක් ලෙස ගැනේ..එවිට පිරවිලි 7 යි ) ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 ,තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි..මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න.. 7 වටය දම්වැල් 3 ගොතා අනික් පැත්ත හරවගන්න . තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්

ළදරු ජර්සියක් ගොතමු PART 1

Image
ළදරු ජර්සියක් ගොතමු Crochet Baby Jersey sinhala Part 1/4 පළමුව දම්වැල් 45ක් ගොතාගන්න 1 වටය දෙවෙනි දම්වැලේන් පටන් අරගෙන දෙපට පිරවිලි 44ක් පුරවගන්න. 2 වටය දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න. මේ දම්වැල් 3ත් එක පිරවිල්ලක් ලෙස ගනන් කරනවා. තුන්පට පිරවිලි 1 ,  තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි.(පලමුව ගෙතු දම්වැල් 3 සමග තුන්පට පිරවිලි 3 යි ) ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි  2 .. මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න. 3 වටය දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න . තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට  පිරවිලි 2 යි. ( පලමුව ගෙතු දම්වැල්  3 සමග තුන්පට පිරවිලි 4 යි ) ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1, තුන්පට පිරවිලි 2 ...මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න.. 4 වටය දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න . තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2යි...(පලමුව ගෙතු දම්වැල් 3 සමග තුන්පට පිරවිලි 4 යි ) ආපසු තුන්පට

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු

Image
අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු Crochet Newborn Baby Shoe Sinhala සපත්තුවේ උඩ කොටස ගොතන විදිය බලමු. හරි මැදින් නුල සම්බන්ද කර ගන්න..අඩිය කොටස ගොතා ගත් පාට හෝ වෙනත් පාටක නුලක් ඔබ කැමති අයුරින් යොදා ගන්න.. පලමු වටය 1)  දම්වැලක් ගොතාගන්න පටන් ගැන්මට.. 2)  දෙපට පිරවිලි අඩිය වටෙටම ගොතා ගන්න හැබැයි back loop එකෙන් විතරක්... Vedio එකෙන් ඔයාලට තේරුනේ නැත්තම් බලා ගන්න පුලුවන්. අවසානයේ පටන් ගැන්මට සම්බන්ද කර ගන්න.. පලමු වටය අවසානයි. දෙවෙනි වටය 1)  ආපසු අපි දෙපට පිරවිල්ලෙන් වටයක් ගොතා ගන්න ඕන..මේ වටය loop දෙකම සම්බන්ද කරගෙන ගොතා ගන්න ඕන. තුන්වන වටය 1)  දම්වැලක් ගොතා පටන් ගන්න 2)  බාගතුන්පට පිරවිලි 9ක් පුරව ගන්න. 3)  එක දම්වැලක් අතහැර ඉලග දම්වැලට තුන්පට පිරවිලි 1ක් පුරව ගන්න.. 4)  ආපසු එක දම්වැලක් අතහැර ඉලග දම්වැලට තුන්පට පිරවිල්ලක් පුරව ගන්න. 5)  මේ විදියට 9 වතාවක් කරන්න. 6)  එලෙස මේ රටාව 9 වතාවක් ගෙතුවාට පස්සේ ආපසු එක දම්වැලක් අතහැර ඉලග දම්වැලට දෙපට පිරවිලි එකක් පුරව ගන්න. 7)  3 වටයෙ අවසානය තෙක් දෙපට පිරවිලි ගොතා වටය සම්බන්ද කරන්ගන්න. 8)  නූල කපා ඉවත් කරන්න. 9) 

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු

Image
අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු Crochet Newborn Baby Shoe Sinhala අඩිය කොටස සදහා පලමු වටය 1)  දම්වැල් 8ක් ගොතන්න 2)  දෙවෙනි දම්වැලට දෙපට පිරවිල්ලක් පුරව ගන්න.. 3)  ඉදිරියට තියෙන දම්වැල් 5 දෙපට පිරවිලි 5ක් පුරව ගන්න. 4)  අන්තිම දම්වැලට දෙපට පිරවිලි 5ක් පුරව ගන්න.(එකම දම්වැලට) 5)  අනික පස දම්වැල් 7ට දෙපට පිරවිලි 7ක් පුරව ගන්න. 6)  දැන් රවුම සම්බන්ද කර ගන්න.. දෙවෙනි වටය 1)  පටන් ගැන්ම සදහා දම්වැල් 2ක් ගොතන්න 2)  බාගතුන්පට පිරවිලි එකක් පුරව ගන්න පලමු දම්වැලට 3)  ඉදිරියෙන් තියෙන දම්වැල් 5ට බාගතුන්පට පිරවිලි 5ක් පුරව ගන්න. 4)  ඊලග දම්වැල් 6ට  1 දම්වැලකට බාගතුන්පට පිරවිලි 2ගානේ  පුරව ගන්න 5)  නැවතත් ඉදිරියෙන් තියෙන දම්වැල් 6 ට බාග තුන්පට පිරවිලි 6ක් පුරව ගන්න. 6)  අවසානයේ ඉතුරු වි ඇති දම්වැලට බාගතුන්පට පිරවිලි 2ක් පුරව ගන්න. තුන්වන වටය 1)  පටන් ගැන්ම සදහා දම්වැල් 2ක් ගොතන්න. 2)  පලමු දම්වැලට බාගතුන්පට පිරවිලි 1ක් පුරව ගන්න. 3)  ඉදිරියෙන් තියෙන දම්වැල් 9ට බාගතුන්පට පිරවිලි 9ක් පුරව ගන්න. 4)  ඉලග දම්වැල් 6ට 1 දම්වැලකට බාගතුන්පට පිරවිලි 2 ගානේ පුරව ගන්න. 5)  ඉලග දම

ළදරු සපත්තුවක් ගොතමු PART 2/2

Image
ළදරු සපත්තුවක් ගොතමු Crochet Pumking Shoe Sinhala Part  2/2 1)  කොටස් දෙක එකට තබා දෙපැත්ත මසා ගත් පසු ඉදිරිපස කොටස (කුඩා කොටස)     රැලි කර ගත යුතුයි.  2)  උඩට ඉලිප්පුනු දාර එකිනෙකට එකතු කරමින් උඩිනුත් යටිනුත් රැලි කර ගත යුතුයි. අවසානයේ යටින් රැලි කරගත් කොටස සමගම ඉදිරියට මසා ගෙන අඩිය සකස් කර ගත යුතුයි... 3)  Vedio එකේ දැක්වෙන අකාරයට උඩ කොටස නවා ගෙන සපත්තුව සාදා ගන්න. අවසානයේ සපත්තුව ඉදිරිපස කොටස , රැලි කරකත් කොටස සහ අනික් කොටස අල්ලා හොදින් තඩ කොට මැස්මක් දාමා ගෙන සපත්තුව හැඩ කර ගන්න. ඔබට කැමති ලෙස මලක් හෝ ඕනම දෙයක් එක් කොට සපත්තුව හැඩ කර ගන්න.. අවශය නම් දම්වැල් ගොතා පටියක් සකසාගෙන ලේස් එකක් විදියට සපත්තුවට සම්බන්ද කර තවත් හැඩ කර ගන්න.

ළදරු සපත්තුවක් ගොතමු PART 1/2

Image
ළදරු සපත්තුවක් ගොතමු  Crochet Pumking Shoe Sinhala                                           Part  1/2 1)  දම්වැල් 29ක් ගොතා ගන්න. 2)  2 දම්වැලෙන් පටන් අරගෙන බාග තුන්පට පිරවිලි 28ක් ගොතා ගන්න. 3)  දම්වැලක් ගොතා අනික් පස හරවා නැවතත් බාග තුන්පට පිරවිලි  28ක් ගොතා           ගන්න. 4)  මේ විදියට පේලි 18 ක් ගොතා ගන්න. 5)  මේ අපේ සපත්තුවේ පසුපස කොටස.. 1)  ඉදිරිපස කොටස සදහා දම්වැල් 18ක් ගොතා ගන්න. 2)  නැවත ඉදිරියට දම්වැල් 3ක් ගොතා ගන්න. 3)  4 වෙනි දම්වැලෙන් පටන් අරගෙන තුන්පට පිරවිලි 18ක් පුරව ගන්න. 4)  දම්වැල් 3න ගොතා අනික් පස හරවන්න . 5)  මේ වටයේ පිරවිල්ල ඇතුලින් ගොතන කටුව යවා තුන්පට පිරවිල්ලක් පුරව ගන්න. 6)  මේ විදියට පිරවිලි 18ක් පුරව ගන්න. 7)  වෙනත් පාටක් සම්බන්ද කර නැවතත් පෙර ආකාරයෙන් තුන්පට පිරවිලි පුරව ගන්න. 8)  මේ විදියට පේලි 18ක් පුරව ගන්න. 9)  පලමු කොටස‍යි දෙවෙනි කොටසයි එකට තබා දෙපෙත්තෙන් මසා ගන්න.