ළදරු ජර්සියක් ගොතමු Part 2

ළදරු ජර්සියක් ගොතමු 
Crochet Baby Jersey Sinhala 
Part 2/4

පි දැන් බලමු අත් දෙක වෙන් කරගන්නේ කොහොමද කියලා..

දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න .
තුන්පට පිරවිලි 14ක් ගොතා ගන්න..(ආරම්භයේ ගෙතු දම්වැල් 3 එක් පිරවිල්ලක් ලෙස ගන්න .)දැන් දම්වැල් 3ක් ගොතා ගන්න..පිරවිලි 24 මග හැර 25 වෙනි පිරවිල්ලට මෙම දම්වැල් 3 තුන්පට පිරවිල්ලකින් සම්බන්ද කර ගන්න.

එම පිරවිල්ලත් ගනන් කොට ඉදිරියට තව තුන්පට පිරවිලි 31 පුරවගන්න..(ඔක්කොම තුන්පට පිරවිලි 32 යි)

දෙවෙනි අත වෙන් කර ගැනිම සදහා නැවතත් දම්වැල් 3ක් ගොතා පිරවිලි 24ක් මග හැර 25 පිරවිල්ලට මෙම දම්වැල් 3 තුන්පට පිරවිල්ලකින් සම්බන්ද කර ගන්න.

එම පිරවිල්ලත් සමග අවසානය තෙක් තුන්පට පිරවිලි 14ක් පුරවගන්න..(ඔක්කොම පිරවිලි 15 යි )..

අත් දෙක වෙන් කරගෙන ඉවරයි.දැන් අපි බලමු කද කොටස කර ගන්නෙ කොහොමද කියලා




Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු