ළදරු ජර්සියක් ගොතමු PART 4/4

ළදරු ජර්සියක් ගොතමු 
Crochet Baby Jeresy Sinhala 
Part 4/4

අපි අද බලමු මේ ළදරු ජර්සියේ අවසානය කර ගන්නේ කොහොමද කියලා.

1 වටය

ජර්සියේ Open එකෙදි අපට පිරවිලි වර්ග දෙවර්ගයක් හමු වෙනවා..
තුන්පට පිරවිලි වගෙම දම්වැල් 3 නේ පිරවිල්ලත් හමු වෙනවා..
තුන්පට පිරවිල්ලට දෙපට පිරවිලි 2ත් දම්වැල් 3ට දෙපට පිරවිලි 3ත් පුරවමින් උඩට වෙනකන් දෙපට පිරවිලි පුරවගන්න.
කොනට දෙපට පිරවිලි 2ක් පුරවගන්න.ආපසු කර සහ ජර්සිය වටෙටම දෙපට පිරවිලි පුරවගන්න.
කොන් 4ට පමනක් දෙපට පිරවිලි 2ක් ගොතා කොන හැඩ කර ගන්න.

2 වටය

මේ වටයෙත් දෙපට පිරවිලි වලින් පුරව ගන්න බොත්තම් කාස වෙන් කර ගන්න.

3 වටය

බොත්තම් කාස වෙන් කරගත් හිඩසට දෙපට පිරවිලි පුරවමින් වටෙම දෙපට පිරවිලි පුරව ගන්න...
දැන් ඔබ කැමති විදියකට ඔබගේ ජර්සිය හැඩ කරගන්න පුලුවන්



Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු