ළදරු ජර්සියක් ගොතමු PART 2/4

ළදරු ජර්සියක් ගොතමු 
Crochet Baby Jersey Sinhala 
Part 2/4

අත් දෙක වෙන් කරගත් පෙලියේ අවසානය තෙක් ගොතා දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න.

පලවෙනි දම්වැල මග හැර දෙවෙනි දම්වැලට Fan Stich (තුන්පට පිරවිලි 2 යි දම්වැලක් තුන්පට පිරවිලි 2 යි) එකක් පුරව ගන්න...

ඉලගට දම්වැල් 2ක් මග හැර 3 වෙනි දම්වැලට Fan Stich එකක් පුරව ගන්න..

ආපසු දම්වැල් 2ක් මග හැර 3 වෙනි දම්වැලට Fan Stich එකක් පුරව ගන්න ..

මේ විදියට මේ පෙලිය අවසානය වෙනකන් Fan Stich පුරව ගන්න..

අවසානයේ උඩ පෙලියේ පටන් ගැන්මේදි ගෙතු දම්වැල් 3 නේ 3 වෙනි දම්වැලට තුන්පට පිරවිල්ලක් පුරවා පලමු වටය අවසන් කරන්න..

මේ වටයට Fan Stich 21 තියෙන්න ඕන...ඔයාලා හරියටම ගෙතුවා නම් මේ පෙලියට Fan 21 තියෙනවා..

දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න ..මේ පේලිය ගෙතුවා වගේම තව පේලි 12ක් ගොතා ගන්න ඕන කද කොටස සදහා...



Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු