අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු
Crochet Newborn Baby Shoe Sinhala



සපත්තුවේ උඩ කොටස ගොතන විදිය බලමු.

හරි මැදින් නුල සම්බන්ද කර ගන්න..අඩිය කොටස ගොතා ගත් පාට හෝ වෙනත් පාටක නුලක් ඔබ කැමති අයුරින් යොදා ගන්න..

පලමු වටය

1)  දම්වැලක් ගොතාගන්න පටන් ගැන්මට..
2)  දෙපට පිරවිලි අඩිය වටෙටම ගොතා ගන්න හැබැයි back loop එකෙන් විතරක්...
Vedio එකෙන් ඔයාලට තේරුනේ නැත්තම් බලා ගන්න පුලුවන්.
අවසානයේ පටන් ගැන්මට සම්බන්ද කර ගන්න..
පලමු වටය අවසානයි.

දෙවෙනි වටය

1)  ආපසු අපි දෙපට පිරවිල්ලෙන් වටයක් ගොතා ගන්න ඕන..මේ වටය loop දෙකම සම්බන්ද කරගෙන ගොතා ගන්න ඕන.

තුන්වන වටය


1)  දම්වැලක් ගොතා පටන් ගන්න
2)  බාගතුන්පට පිරවිලි 9ක් පුරව ගන්න.
3)  එක දම්වැලක් අතහැර ඉලග දම්වැලට තුන්පට පිරවිලි 1ක් පුරව ගන්න..
4)  ආපසු එක දම්වැලක් අතහැර ඉලග දම්වැලට තුන්පට පිරවිල්ලක් පුරව ගන්න.
5)  මේ විදියට 9 වතාවක් කරන්න.
6)  එලෙස මේ රටාව 9 වතාවක් ගෙතුවාට පස්සේ ආපසු එක දම්වැලක් අතහැර ඉලග දම්වැලට දෙපට පිරවිලි එකක් පුරව ගන්න.
7)  3 වටයෙ අවසානය තෙක් දෙපට පිරවිලි ගොතා වටය සම්බන්ද කරන්ගන්න.
8)  නූල කපා ඉවත් කරන්න.
9)  දැන් මේ පුංචි සපට්ජ්තුව ඔයාට කැමති ආකාරයට හැඩ කර ගන්න පුලුවන්..


සැ.යු . මේ සදහා 3.5 ගොතන කටුව උපයෝගි කර ගන්න.







Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2