ළදරු ජර්සියක් ගොතමු PART 2/4

ළදරු ජර්සියක් ගොතමු 
Crochet Baby Jersey 
Part 2/4

ජර්සියේ අත් දෙක ගොතා ගන්න විදිය බලමු..

ජරසියේ අත්කට වෙන් කරගත් අවස්තාවේ අපි දම්වැල් 3ක් ගොතා ගත්තා අන්න එ දම්වැල් 3 නුල සම්බන්ද කරලා අත් වට ගෙතිම ආරම්භ කිරිම සදහා දම්වැල් 3ක් ගොතන්න තුන්න්පට පිරවිලි 1 ගොතන්න දම්වැලක් ගොතන්න ආපසු තුන්පට පිරවිලි 2ක් ගොතන්න .අපි එක Fan Stich එකක් ගොතා ගත්තා.

පිරවිලි 2ක් මග අරින්න..
ආපසු Fan Stich එකක් ගොතන්න.
මේ විදියට පිරවිලි දෙකක් මග අරිමින් Fan Stich 10ක් ගොතා ගන්න.
1 වටය අවසානයි.. අනික් පැත්ත හරවගන්න .

අපි දැන් කලින් ගෙතුව Fan Stich එකෙ මුදුන කරා යන්න ඔන Slip Stich එකකින්..Vedio එකේන් ඔයාලට පැහැදිලි වෙයි..

අපි දෙවෙනි වටයේ Fan Stich එක පටන් ගන්නේ එතනදියි...

දම්වැල් 2 ගොතන්න .තුන්පට පිරවිලි 1 , දම්වැලක් ගොතන්න , ආපසු තුන්පට පිරවිලි 2යි...
දෙවෙනි Fan Stich එක තුන්පට පිරවිලි 2යි , එක දම්ලයි ,තුන්පට පිරවිලි 2යි...

මේ විදියට අපි Fan Stich 9ක් ගොතා ගන්න ඕන..අපි Fan Stich 9ක් ගොතා ගත්තට පස්සේ අපිට තව එක Fan Stich එකක් තියෙනවා පුරව ගන්න..අපි එකට Fan Stich එකක් පුරව ගන්නේ නෑ...අපි එකට තුන්පට පිරවිලි  එකක් පුරව ගන්නවා..දැන් වටය සම්බන්ද කරගෙන අනික් පැත්ත හරවගන්න ..



Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු