අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු
Crochet Newborn Baby Shoe Sinhala


අඩිය කොටස සදහා

පලමු වටය

1)  දම්වැල් 8ක් ගොතන්න
2)  දෙවෙනි දම්වැලට දෙපට පිරවිල්ලක් පුරව ගන්න..
3)  ඉදිරියට තියෙන දම්වැල් 5 දෙපට පිරවිලි 5ක් පුරව ගන්න.
4)  අන්තිම දම්වැලට දෙපට පිරවිලි 5ක් පුරව ගන්න.(එකම දම්වැලට)
5)  අනික පස දම්වැල් 7ට දෙපට පිරවිලි 7ක් පුරව ගන්න.
6)  දැන් රවුම සම්බන්ද කර ගන්න..

දෙවෙනි වටය

1)  පටන් ගැන්ම සදහා දම්වැල් 2ක් ගොතන්න
2)  බාගතුන්පට පිරවිලි එකක් පුරව ගන්න පලමු දම්වැලට
3)  ඉදිරියෙන් තියෙන දම්වැල් 5ට බාගතුන්පට පිරවිලි 5ක් පුරව ගන්න.
4)  ඊලග දම්වැල් 6ට  1 දම්වැලකට බාගතුන්පට පිරවිලි 2ගානේ  පුරව ගන්න
5)  නැවතත් ඉදිරියෙන් තියෙන දම්වැල් 6 ට බාග තුන්පට පිරවිලි 6ක් පුරව ගන්න.
6)  අවසානයේ ඉතුරු වි ඇති දම්වැලට බාගතුන්පට පිරවිලි 2ක් පුරව ගන්න.

තුන්වන වටය

1)  පටන් ගැන්ම සදහා දම්වැල් 2ක් ගොතන්න.
2)  පලමු දම්වැලට බාගතුන්පට පිරවිලි 1ක් පුරව ගන්න.
3)  ඉදිරියෙන් තියෙන දම්වැල් 9ට බාගතුන්පට පිරවිලි 9ක් පුරව ගන්න.
4)  ඉලග දම්වැල් 6ට 1 දම්වැලකට බාගතුන්පට පිරවිලි 2 ගානේ පුරව ගන්න.
5)  ඉලග දම්වැල් 10ට බාගතුන්පට පිරවිලි 10ක් පුරව ගන්න.
6)  අවසානයේ එක දම්වැලක් ඉතුරු වෙනවා එ දම්වැලට බාගතුන්පට පිරවිලි 2ක් පුරව ගන්න..

අපි අඩිය කොටස ගොතා ගන්නේ මේ විදියටයි..සපත්තුවේ උඩ කොටස ගොතා ගන්නෙ කොහොමද බලමු....


Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු