ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. 
Crochet Baby Pant Sinhala 
Part 1/2

පලමුව ඉන කොටස ගොතා ගැනිම සදහා දම්වැල් 10ක් ගොතා ගන්න.
දෙවෙනි දම්වැලෙන් පටන් අරගෙන දෙපට පිරවිලි 9ක් පුරවගන්න.
දම්වැලක් ගොතා අනික් පැත්ත හරව ගන්න.
ආපසු  දෙපට පිරවිලි 9ක් Back Loop එකෙන් පමනක් ගොතා ගන්න.
මේ විදියට පේලි 64ක් ගොතා ගන්න කලිසමේ ඉන සදහා...
පේලි 64ක් ගෙතු පසු කෙලවර 2 එකට එකතු කරන්න Slip Stich මගින්..

1 වටය

දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි 64ක්  ගොතා ගන්න.

2 වටය

දම්වැල් 3න් පටන් ගන්න.තුන්පට පිරවිලි 63ක් ගොතා ගන්න...දම්වැල් 3 එක පිරවිල්ලක් ලෙස ගනන් ගන්න...ඔක්කොම පිරවිලි 64යි.

3 වටය - 9 වටය

දම්වැල් 3 පටන් අරගෙන තුන්පට පිරවිලි පුරව ගන්න 2 වටය ගෙතු ලෙසටම මෙ වට 9ත් පුරවගන්න..




Comments

Popular posts from this blog

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු