ළදරු ජර්සියක් ගොතමු PART 2/4

ළදරු ජර්සියක් ගොතමු 
Crochet Baby Jersey 
Part 2/4

දැන් අපි අත කොටසේ වට දෙකක් ගොතා ගත්‍තා.

දැන් අපි බලමු 3 වටය ගොතා ගන්නේ කොහොමද කියලා..

3 වටය

Fan Stich එක කරා Slip Stich එකකින් යන්න දම්වැල් 3ක් ගොතන්න .තුන්පට පිරවිලි 1 , දම්වැල් 1යි  ,තුන්පට පිරවිලි 2යි..අපි දැන් 1 Fan Satich එක ගොතා ගත්තා .ඉලගට
පිරවිලි 2 මග අරින්න.3 වෙනි පිරවිල්ලට..
තුන්පට පිරවිලි 2යි එක දම්වැලයි තුන්පට පිරවිලි 2යි...
මේ විදියට Fan Stich 9ක් ගොතාගන්න..
වටය සම්බන්ද කරලා අනික් පැත්ත හරවගන්න ..

4 වටය

Fan stich එක කරා Slip stich එකකින් යන්න.
දම්වැල් 3ක් ගොතන්න තුන්පට පිරවිලි 1යි එක් දම්වැලයි තුන්පට පිරවිලි 2යි..එක Fan Stich එකක් අපි ගොතා ගත්‍තා.
පිරවිලි 2 මග අරින්න..දෙවෙනි Fan Stich එක ගොතා ගන්න..
තුන්පට පිරවිලි 2 ,දම්වැල් 1 ,තුන්පට පිරවිලි 2යි ,..මේ විදියට Fan Stich 8ක් ගොතා ගන්න...
Fan Stich 8k ගොතා ගත්තට පස්සේ අපිට තව 1 Fan Stich එකක් ඉතුරු වෙනවා අපි එ Fan Stich එකට තුන්පට පිරවිලි 1ක් පුරවගෙන වටය සම්බන්ද කර ගන්නවා.
අනික් පැත්ත හරවගන්න .

5 වටය

Slip Stich එකකින් Fan Stich එකේ මුදුන කරා යන්න..
දම්වැල් 3ක් ගොතාගන්න.තුන්පට පිරවිලි 1යි එක දම්වැලයි තුන්පට  පිරවිලි  2යි ගොතා ගන්න..1 Fan Stich එක අපි ගොතා ගත්තා..
පිරවිලි 2 මග හරින්න.
3 පිරවිල්ලට තුන්පට පිරවිලි 2යි එක දම්වැලයි තුන්පට පිරවිලි 2යි ගොතා ගන්නඅ මේ විදියට Fan Stich 8ක් ගොතා ගන්න අනික් පැත්ත හරවගන්න ..
6 වටය
Slip Slich එකකින් Fan Stich එකෙ මුදුන කරා යන්න .
දම්වැල් 3ක් ගොතාගන්න.තුන්පට පිරවිලි 1යි එක දම්වැලයි තුන්පට පිරවිලි 2යි..
පිරවිලි 2ක් මග අරින්න.
3 පිරවිල්ලට  තුන්පට පිරවිලි 2යි එක දම්වැලයි තුන්පට පිරවිලි 2යි මෙ විදියට Fan Stich 8ක් පුරව ගන්න..
මේ විදියට මේතන ඉදලා Fan Stich එක වටෙකට 8 ගානේ වට 12ක් ගොතා ගන්න..





Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු