ළදරු සපත්තුවක් ගොතමු PART 1/2


ළදරු සපත්තුවක් ගොතමු 

Crochet Pumking Shoe Sinhala

                                         

Part  1/2



1)  දම්වැල් 29ක් ගොතා ගන්න.
2)  2 දම්වැලෙන් පටන් අරගෙන බාග තුන්පට පිරවිලි 28ක් ගොතා ගන්න.
3)  දම්වැලක් ගොතා අනික් පස හරවා නැවතත් බාග තුන්පට පිරවිලි  28ක් ගොතා           ගන්න.
4)  මේ විදියට පේලි 18 ක් ගොතා ගන්න.
5)  මේ අපේ සපත්තුවේ පසුපස කොටස..




1)  ඉදිරිපස කොටස සදහා දම්වැල් 18ක් ගොතා ගන්න.
2)  නැවත ඉදිරියට දම්වැල් 3ක් ගොතා ගන්න.
3)  4 වෙනි දම්වැලෙන් පටන් අරගෙන තුන්පට පිරවිලි 18ක් පුරව ගන්න.
4)  දම්වැල් 3න ගොතා අනික් පස හරවන්න .
5)  මේ වටයේ පිරවිල්ල ඇතුලින් ගොතන කටුව යවා තුන්පට පිරවිල්ලක් පුරව ගන්න.
6)  මේ විදියට පිරවිලි 18ක් පුරව ගන්න.
7)  වෙනත් පාටක් සම්බන්ද කර නැවතත් පෙර ආකාරයෙන් තුන්පට පිරවිලි පුරව ගන්න.
8)  මේ විදියට පේලි 18ක් පුරව ගන්න.
9)  පලමු කොටස‍යි දෙවෙනි කොටසයි එකට තබා දෙපෙත්තෙන් මසා ගන්න.








Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු