වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Part 2

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු
Crochet Valentain Teddy Bear
Part 2

දැන් අපි බලමු ටෙඩි බෙයාගේ ඇග කොටස ගොතා ගන්නේ කොහොමද කියලා..

(24 - 28 ).  පේළි 5ක් දෙපට පිරවිලි එකකට එක ගානේ පුරව ගනිමින් වට 5ක් ගොතා ගන්න.

29) . දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි  1 , දෙපට පිරවිලි 1  , දෙපට පිරවිලි 2යි..මේ රටාවට මේ වටය සම්පුර්ණ කරගන්න.

30) . දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 2..මේ රටාවට මේ වටය සම්පුර්ණ කර ගන්න..

31 - 35 ) . දෙපට පිරවිලි එකකට එක ගානේ පුරවගන්න වට 5ක්.

36) . දෙපට පිරවිලි එකකට එක ගානේ පිරවිලි 5ක් ගොතා ගන්න..ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය ගොතා ගන්න.

37) . දෙපට පිරවිලි එකකට එක ගානේ පිරවිලි 4ක් ගොතා ගන්න.ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය ගොතා ගන්න..

38 ) .දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතා ගන්න..ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ විදියට මේ වටය ගොතා ගන්න.

39 ). දෙපට පිරවිලි 1, දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය ගොතා ගන්න..

දැන් පැඩිං පුරවා ගන්න..

40 -41 ). දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට වට 2 සම්පුර්ණ කරගන්න..

දැන් අපි ටෙඩ් බෙයාගේ ඔලුව සහ ඇග කොටස කරගෙන අවසානයි..



Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු