වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Part 3

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු

Crochet Valentain TeddyBear
 Part 3

අපි බලමු මේ ටෙඩ් බෙයාගේ කකුල කොටස ගොතා ගන්නේ කොහොමද කියලා.


1). Magic Ring එකක් හදා ගන්න.එකට දෙපට පිරවිලි 6ක්න්පුරව ගන්න.

2) .එකකට 2 ගානේ දෙපට පිරවිලි 12ක් පුරවගන්න .

3) . දෙපට පිරවිලි 1,දෙපට පිරවිලි 1,දෙපට පිරවිලි 1, ඊලග දෙපට පිරවිලි 3ක් එකම දම්වැලට පුරව ගන්න , ඊලගට දෙපට පිරවිලි  2ක් එකම දම්වැලට පුරව ගන්න , slip stitch 1 , slip stitch 1 , ඊලග දම්වැලට දෙපට පිරවිලි  2යි , ඊලග දම්වැලට දෙපට පිරවිලි 3යි , ඊලග දම්වැල් 3ට දෙපට පිරවිලි එකකට එක ගානේ 3යි...

4) . දෙපට පිරවිලි 1 , බාගතුන්පට පිරවිලි 1, එම බාගතුන්පට පිරවිල්ලේ මුදුනට දෙපට පිරවිලි එකකුත් බාගතුන්පට පිරවිල්ල පටන් ගත් ස්ථානයට දෙපට පිරවිල්ලකුත් ගොතන්න..ඊලගට දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතන්න..ඊලග දම්වැලට දෙපට පිරවිලි 2ක් ගොතා ගන්න..ඊලග දම්වැල් 2ට බාගතුන්පට පිරවිලි එකකට දෙක ගානේ දම්වැල් 2ට පුරව ගන්න..slip stitch 1යි , slip stitch 1යි , දෙපට පිරවිලි 1යි , ඊලග දම්වැල් 2ට බාගතුන්පට පිරවිලි එකකට දෙක ගානේ දම්වැල් 2ට පුරව ගන්න , ඊලග දම්වැලට දෙපට පිරවිලි 2යි , ඊලග දම්වැල් 3ට දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න..

5) . දෙපට පිරවිලි 1යි , දෙපට පිරවිලි 1යි ඊලගට back loop එකෙන් පමණක් දෙපට පිරවිලි එකකට එක ගානේ වටයක් ගොතා ගන්න...

මේ විදියට අපි ටෙඩි බෙයාගේ කකුලේ අඩිය කොටස ගොතාගෙන අවසන්..ඊලගට කකුලෙ උඩ කොටස ගොතා ගන්නේ කොහොමද කියලා බලමු..

කකුලේ අඩිය කොටස තදට තබා ගන්න අවශය නිසා කකුලෙ අඩියේ හැඩෙට බොඩ් කැල්ලක් කපා ඇතුලට තබා තද කොට කකුලේ අඩියේ හැඩේ හරි ආකාරයෙන් සකසා ගන්න




Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු